විල්පත්තුවේ ඉඩම් බෙදන කතා බොරු! කැලෙන් ඇල්ලූ හැම බිම් අඟලක්ම යළි පවර ගන්නවා! – වන සම්පත් ඇමති

November 27, 2019 at 7:19 am | by emanisa.lk

විල්පත්තු රක්ෂිතයේ දැනට ඉතිරිව තිබෙන ඉඩම්වලින් එම රක්ෂිතයට අදාළ මායිම් ප්‍රකශයට පත් කොට ගැසට් කරන බවට නීතිපතිවරයා පැවසූ බවට පුවතක් පළ වී තිබිණි..

ඒ අනුව එම ඉඩම් බලෙන් අත් පත් කරගැනීම සාධාරණීකරණය වන අතර ඔවුන් විසින් ලබා ගත් ඉඩම් යළි එම රක්ෂිතයට පවරා ගැනීමක් සිදුවන්නේ ද නැත.

එහෙත් වනජීවි සම්පත් අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන ඊයේ (26) සවස ප්‍රකාශ කළේ විල්පත්තුවේ බලෙන් අයිති කරගත් කිසිදු බිම් අගලක් හෝ කිසිවෙකුට නීතියෙන් ලබා නොදෙන බවය.

එම ඉඩම්ද විල්පත්තුවට අයත් ඉඩම් ලෙස මින් ඉදිරියට එකතු කරගන්නා බවත් ඔහු අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස