හමුදාව විල්පත්තුවේ පැල සිටුවද්දී මවුලවියෙක් කල්ලාරු රක්ෂිතය වනසයි!

May 28, 2019 at 9:53 am | by admin

යුද හමුදාව විසින් විල්පත්තුව රැකගැනීම සඳහා රුක්රෝපණ වැඩසටහනක් අරඹා තිබියදී ඉකුත් සිකුරාදා මුස්ලිම් මව්ලවිවරයකු ඇතුළු පිරිසක් විල්පත්තුවට සමීපව ඇති කල්ලාරු රක්‍ෂිතයේ අක්කර දෙකක පමණ වනාන්තරය වනසා දමා ඇතැයි ආරක්‍ෂක අංශ හෙළිකරගෙන ඇත.

බැකෝ යන්ත‍්‍රයක් සහ ඩෝසරයක් යොදාගෙන ඉකුත් සිකුරාදා (24 වැනිදා) රාත‍්‍රියේ මෙසේ කල්ලාරු රක්‍ෂිතය වනසා දමා ඇති මොවුන් එම භූමියේ නිවාස තිහක් පමණ ඉදිකිරීම සඳහා අත්තිවාරම් කපා ඇත.

කල්ලාරු පාලම පසුකර සිලාවතුර දෙසට ගමන් කිරීමේදී හමුවන 39 කණුව ආසන්නයේ රක්‍ෂිතයට ඇතුළු වී මොවුන් මෙම වන විනාශය සිදුකර තිබෙන අයුරු ආරක්‍ෂක අංශ නිරීක්‍ෂණය කර තිබේ.

පසුගියදා ප‍්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් මැදිහත්වී රක්‍ෂිත තුළ වන වගාවක් අරඹා තිබෙන බැවින් වන විනාශය නතර කරන ලෙස පැහැදිලි දැනුම්දීමක් කර තිබියදී මොවුන් මෙසේ වනාන්තර කපා නිවාස ඉදිකිරීමට සූදානම් වන බවද සඳහන් වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස