ගහකොළ රකින්න ඔබටත් කළ හැකි වැඩ පුංචි පුංචි කෝටියයි! තරුණ යුවළක් සිය මඟුල් දා Thank You කාඩ් වෙනුවට පැළයක් තෑගි දෙයි!

April 2, 2019 at 10:16 am | by admin

බොහෝ දෙනා විල්පත්තු සිංහරාජ වන සංහාරය පිළිබඳ ෆේස්බුක්හි කතාවෙයි. වන සම්පත් විනාශ කරන දේශපාලකයන්ට බැණ වදියි. සිය ප්‍රොෆයිල් පින්තූර මාරු කරයි. අන්තර්ජාල පෙත්සම් අත්සන් කරයි. උද්ඝෝෂණ කරයි. එහෙත් ඒ බොහෝ දෙනා ගහවැල රැක ගැනීමට හෝ අලුතින් ගහක් වැලක් රෝපණය කිරීමට එතරම් උනන්දු වන්නේ නැත.

කෙසේ වුවද අලුත විවාහ පත් වූ යුවළක් සිය මඟුල් දා Thank You කාඩ් වෙනුවට පැළයක් තෑගි කළ පුවතක් වාර්තා විය. නිකරුණේ මුදල් නාස්ති නොකර එම මුදල රටට වැඩදායක කටයුත්තකට යෙදවීමට කසුන් ධනුද්ධර සහ කෞෂල්‍යා මධුවන්ති යුවළ තීරණය කිරීම බොහෝ දෙනාගේ ඇගයුමට ලක්වන අතර අපට ද මෙවැනි කටයුතු මගින් රටේ ගහකොළ රැක ගැනීමට මෙන්ම බොහෝ යහපත් කටයුතුවලට ආදර්ශයක් ලබා දිය හැකිය.

එළඹෙන අලුත් අවුරුදු සමයේ ඔබේ නිවසට පැමිණෙන නෑසියන්ට වටිනා පලතුරු හෝ වෙනත් පැලයක් ලබා දිය හැකිය. අලුත් අවුරුදු නෑගම් යන විට වටිනා පැලයක් ද රැගෙන යා හැකිය. වෙසක් සමයේ පැල දන්සැල් සංවිධානය කළ හැකිය. එමගින් අපට රටේ වන සම්පත රැක ගැනීමට ද අපට ප්‍රායෝගිකවම සම්බන්ධ විය හැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස