විනාශ කළ ආර්ථිකය ගොඩගන්න මහා ආර්ථික විද්‍යාඥයකුට භාරදෙයි! මහැදුරු ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහ බැංකු අධිපති ධුරයට!

December 24, 2019 at 4:57 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස පත් කර තිබේ.

1994 සිට 1999 දක්වා කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති ලෙස සේවය කළ මහාචාර්ය ලක්ෂ්මන් ශ්‍රී ලංකාවේ විශිෂ්ට ආර්ථික විද්‍යාඥයෙක් ලෙස ප්‍රකට වෘත්තිකයෙකි..

ගාල්ල මිහිරිපැන්නේ උපන් ඔහු 1960 දී ලංකා විශ්ව විද්‍යාලයට (කොළඹ) ඇතුළත් වූ අතර 1964-1968 දක්වා එම විශ්ව විද්‍යාලයේම සහකාර කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කළේය.

පසුව ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය සම්පූර්ණ කළ ඔහු 1982 දී කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස පත් කරන ලදී.

විශ්‍රාම ගැනීමෙන් පසු මහාචාර්ය ලක්ෂ්මන් 2008 මුදල් අමාත්‍යාංශයේ උපදේශකයෙකු ලෙසත්, 2010 දී ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ සභාපති ලෙසත් පත් කරන ලදී. 2009 දී ඔහු ශ්‍රී ලංකාවේ බදුකරණය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙසද ද කටයුතු කළේය.

චින්තන විශ්වනාත් FB

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස