රෝසිගේ පුතුගේ වෙඩිමේ දී රනිල්ට බ්‍රහ්ම දණ්ඩනය!

August 20, 2019 at 10:24 am | by emanisa.lk

රෝසි සේනානායකගේ පුත් කණිෂ්ක සේනානායකගේ විවාහ මංගල උත්සවය ඊයේ (19) රාත්‍රී ගල්කිස්ස මහ හෝටලයේ පැවති අතර ඒ සඳහා රෝසි සේනානායකගේ දේශපාලන හිතවතුන් ඇතුළු ප්‍රභූ පිරිසක් සහභාගී වී ඇත.

මේ සඳහා මංගල සමරවීර, ගයන්ත කරුණාතිලක, චන්ද්‍රාණි බණ්ඩාර, මලික් සමරවික්‍රම, අනෝමා ගමගේ, හරීන් ප්‍රනාන්දු ඇතුළු බොහෝ එජාප ප්‍රබලයන් සහභාගී වුවද ඔවුන් කිසිවකු එහි පැමිණි එජාප නායක රනිල් වික්‍රමසිංහ සමග කතා නොකර වෙනම පිරිසක් ලෙස සිටීම වාර්තා වෙයි.

උත්සව ශාලාවේ එක් මේසයක අගමැති රනිල් වික්‍රමසිංහ අසුන් ගෙන සිට ඇති අතර අනෙක් අය වෙනම අසුන් ගෙන සිටි බව එහි පැමිණි අය නිරීක්ෂණය කර ඇත. එපමණක් නොව විවාහ මංගල උත්සවය අවස්ථාවේ මනමාල යුවල එජාප ප්‍රබලයන් සමග පෙනී සිටි සමූහ ඡායාරූපයට ද අගමැතිවරයාට ඇරයුම් කර නොමැත.

ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ පක්ෂය තුළ මතුව ඇති අර්බුදය පෞද්ගලික හිතවත්කම් පවා බිඳ වැටෙන තැන දක්වා දුරදිග ගොස් ඇතැයි එහි පැමිණි අය කතාබහ වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස