රනිල්ගේ ජනපති සිහිනය සුන්ව පසුබසී! එජාප සන්ධානය ගොඩඟීම සහ සජිත් ජනති අපේක්ෂක කිරීම එකම දිනයක!

August 15, 2019 at 9:21 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ‘ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ’ එළිදක්වන දිනයේදීම එම සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමේදී තීරණය වූ බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය 13 වෙනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවති ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ සාකච්ජාව සඳහා ඉදිරිපත් වුණු ඇතැම් සංශෝධන වලට එකඟ වූ බවද වාර්තා වේ.

යෝජිත සන්ධානය සහ ජනාධිපති අපේක්ෂක එකම දිනයක ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා නැවත මේ මස විසි වෙනිදා (20) තවත් සාකච්ඡාවක් පැවැත්වීමටද තීරණය වී ඇත. අමාත්‍ය රාජිත සේනාරත්නගේ නිවසේදී එම සාකච්ඡාව පැවැත්වීමට තීරණය වී ඇති බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි .

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස