රට පුරා 60%ක් ඡන්ද භාවිත කරලා! උතුරේ ඡන්දයට වැඩි උනන්දුවක්!

November 16, 2019 at 3:47 pm | by emanisa.lk

මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 75% ඉක්මවා ගොස් ඇතැයි වාර්තා වේ. සමස්තයක් ලෙස සවස 2 වන විට රටේ ඡන්ද ප්‍රමාණයෙන් 60%ක් පමණ ප්‍රකාශ කර ඇති බව ද වාර්තා වෙයි.

මේ අතර උතුරු නැගෙනහිර ජන්දදායකයන්ද වැඩි උනන්දුවකින් යුතුව ඡන්දය භාවිත කරන බවද වාර්තා වේ. පස්වරු 2 පමණ වන විට යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 55%ක් ද, මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 56%ක් ද, මුලතිව් 55%, තිරිකුණාමලය 65%, මඩකලපුව 54%ක් ලෙසද ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය වාර්තා විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස