රට සුරක්ෂිත කිරීම සහ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම පියවරක් ගන්නා බව බැසිල් රාජපක්ෂ පවසයි.
ශ්‍රී ලංකා පොදුජන නීතිඥ සංගමයේ නිල කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අද (01) පෙරවරුවේ එක්වෙමින් හෙතෙම මෙසේ පැවසීය.
වෙනත් කිසිදු මැතිවරණයකදී නොවූ ආකාරයෙන්, මෙවර මැතිවරණයේදී රාජ්‍ය සම්පත් අවභාවිත කරමින් තිබෙන බවත් සිමෙන්ති බෙදාහැරීමෙන් ඇරඹි භාණ්ඩ බෙදා දීම දිනෙන් දිනම ව්‍යාප්ත වෙමින් පවතින බවත් ඔහු පෙන්වා දුන්නේය.
එම අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධානය ගොඩනැගීම සඳහා අවශ්‍ය සියලු කැප කිරීම් සිදු කරන බව ද අවධාරණය කළේය.