රටට 90%ක් හෙරොයින් අයිස් කොකේන් එන්නේ ධීවර බෝට්ටුවේ! – නාකොටික්….

February 25, 2020 at 11:41 am | by emanisa.lk

මෙරටට රැගෙන එන හෙරොයින්, අයිස්, කොකේන් ඇතුළු මත්ද්‍රව්‍යවලින් 90% කටත් වඩා වැඩි ප‍්‍රමාණයක් ගෙන එන්නේ ධීවර බෝට්ටුවලින් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සිදු කළ විමර්ශනයකින් හෙළිවී ඇත.

ශ‍්‍රී ලංකාව වටාම ඉන්දියන් සමුද්‍රය පිහිටා තිබීමත් ඒ සෑම ප‍්‍රදේශයකින්ම ධීවර කර්මාන්තය සිදු කිරීමත් නිසා මුහුදුමාර්ග ඔස්සේ රට තුළට මත්ද්‍රව්‍ය ගෙන ඒම නතර කිරීම බරපතළ ප‍්‍රශ්නයක් වී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, ඉන්දියාව, ලාඕසය, ඉරානය වැනි රටවල්වලින් විශාල වශයෙන් හෙරොයින් ගෙන එන අතර ඒ සියලු මත්ද්‍රව්‍ය තොග ධීවර බෝට්ටුවලින් රැගෙන එන බවද අනාවරණය වී තිබේ.

පසුගිය කාලසීමාවේදී මෙරටදී අත්අඩංගුවට ගත් අතිවිශාල හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය තොග සියල්ල රටට ඇතුළු කර ඇත්තේ මුහුදු මාර්ග ඔස්සේ ධීවර බෝට්ටුවලින් බවද පොලිස් ආරංචි මාර්ග කියා සිටියි.

ධීවර බෝට්ටු හරහා රට තුළට මත්ද්‍රව්‍ය ගෙන ඒම නතර කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මේ වන විටත් පුළුල් වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරගෙන යයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස