කුඩු ග්රෑම් 7කට ලබාදුන් වෙලේ සුදාගේ මරණ දඬුවම ස්ථිරයි! ක්‍රියාත්මක කිරීම ජනපති අතේ!

April 5, 2019 at 5:50 pm | by admin

හෙරොයින් මත්කුඩු ග්රෑම් 7.05ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරුකොට මරණ දඬුවම් නියම කර සිටි  ගම්පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නමැත්තාට පනවා තිබූ එම දඬුවම අද (05) ස්ථිර කළ අභියාචනාධිකරණය එම දඬුවමට එරෙහිව වෙළේ සුදා විසින් ඉදිරිපත් කළ අභියාචනය නිෂ්ප‍්‍රභ කිරීමට තීන්දු කළේය.

කොළඹ මහාධිකරණය විසින් වරදකරු කර මරණ දඩුවම නියම කර තිබිණි.

දීපාලි විජේසුන්දර සහ අචල වෙන්ගප්පුලි යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

2008 වසරේ ගල්කිස්ස ප්‍රෙද්ශයේෙදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 7.05 ක් සන්තකයේ තබාගෙන මේ චෝදනාවට වරදකරු කෙරෙන වෙලේ සුදා නමැත්තාට කොළඹ මහාධිකරණය මඟින් 2015 වසරේදී මරණීය දණ්ඩනය පනවනු ලෑබුවේය.

මෙි අතර ජනාධිපතිවරයා නැවත නැවතත් ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම පනවන බවත් මේ වන විට අදාළ නම් ලැයිස්තුව තමා වෙත ලැබී ඇති බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස