රංජන් රාමනායක ඇමති ධුරයෙන් පන්නයි! තීන්දුව ලියා අවසන්!

August 6, 2019 at 5:42 pm | by emanisa.lk

මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය ඇමැති ධුරයෙන් රන්ජන් රාමනායක ඉතා ඉක්මනින් ඉවත් කෙරෙනු ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මේ වන විට ඔහු සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයෙන්ද, විවිධ පාර්ශ්ව ගණනාවකින්ද පැමිණිලි විශාල ප‍්‍රමාණයක් අගමැතිවරයා වෙත ලැබී ඇතැයිද දීර්ඝ කාලයක් තිස්සේ රාජ්‍ය ඇමැතිවරයාට එරෙහිව පැමිණිලි ලැබෙමින් තිබෙන බවද එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.

ඒ අනුව රන්ජන් රාමනායක ඇමැති ධුරයෙන් ඉවත් කිරීමේ නිර්දේශය ජනාධිපතිවරයා වෙත යැවෙනු ඇතැයිද හෙතෙම වැඩිදුරටත් කීය.

රන්ජන් රාමනායකගේ ආන්දෝලනාත්මක ප‍්‍රකාශ නිසා ආණ්ඩුවද විශාල අපහසුතාවකට පත් වන බවත්, රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුවද ඔහු පෙර ආකාරයටම හැසිරුණහොත් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන්ද ඉවත් කිරීමට සිදුවන බවත් ඉහත ප‍්‍රකාශකයා පැවසීය.

ඇමතිවරයා මහා සංඝරත්නය සම්බන්ධයෙන් කළ එවැනි බරපතළ ප‍්‍රකාශයක් හේතුවෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ හමුවී කරුණු කීමටද පසුව මහනායක හිමිවරුන් බැහැදැක සමාව ගැනීමටද ඔහුට සිදුවිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස