යාපනේ තාප්පවල ඇඳි සිතුවම්වලට කළු තෙල් ගහලා!

January 14, 2020 at 2:44 pm | by emanisa.lk

යාපනය, කොඩිකාමම් ප්‍රදේශයේ තාප්පයක ඇඳ තිබූ සිතුවමකට කිසියම් පිරිසක් කළු තෙල් හලා ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

ප්‍රදේශවාසීන් පැවසුවේ මෙරට සෙසු ප්‍රදේශවල තරුණයන් තාප්පවල සිතුවම් අඳිනු දැක කොඩිකාමම් ප්‍රදේශයේ තරුණයන්ද එම ප්‍රදේශයේ තාප්පවල සිතුවම් ඇන්ද බවය.

එලෙස ඇඳි සිතුවමකට කඩාකප්පල්කාරී පිරිසක් විසින් කළුතෙල් හලා ඇති බවත් ඒ ක්‍රියාව සිදු කළ පිරිස අත්අඩංගුවට ගන්නා ලෙසත් ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස