මේ රට බෞද්ධ නොවේ කියන්නේ ඉතිහාසය නොදන්න මංගල අමිල හිමි වගේ ඈයෝ! අවුරුදු 400ක් සුද්දෝ යටතෙත් විනාශ නොවුණු බුදු දහම අපේ සිංහල බෞද්ධ ආණ්ඩුව යටතේ විනාශ වෙයිද? – කිරිඇල්ල

June 3, 2019 at 7:28 am | by admin

ශ‍්‍රී ලංකාව බෞද්ධ රටක් නොවේ කියා කියන්නේ මේ රටේ ඉතිහාසය ගැන නොදන්නා අය යැයි සභානායක, රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන ඇමැති අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (02) මහනුවරදී ප‍්‍රකාශ කළේය.

ඇමැතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ මහනුවර බෝගම්බර බෝධිමළු විහාරයේ ගිලන් භික්ෂු නේවාසිකාරාම මධ්‍යස්ථානය සඳහා මුල්ගල තැබීමේ උත්සවයට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද කිය.

“අද සමහරු විවිධ මත ප‍්‍රකාශ කරනවා ශ්‍රී ලංකාව බෞද්ධ රටක්ද නැද්ද කියන එක ගැන. කනගාටුවෙන් වුණත් කියන්න ඕන මෙවැනි ප‍්‍රකාශ කරන්නේ අපේ රටේ ඉතිහාසය ගැන නොදන්න අය. බෞද්ධාගමට තිබෙන ලැදියාව තමා වැදගත්. එය ආරක්ෂා කරන්න අපේ රජයත් කැපවෙනවා. අපේ රට බෞද්ධ රටක්. අපේ රජය බෞද්ධාගම ආරක්ෂා කරන රජයක්. සිංහල බෞද්ධ ආණ්ඩුවක් තිබෙන අවස්ථාවක කවදාවත් බෞද්ධාගම, ශාසනය විනාශ වෙන්නේ නැහැ.

ශ‍්‍රී ලංකාව අවුරුදු 400 ක් යුරෝපීය ජාතීන් 03 ක් පාලනය කළා. ඒ කාල වකවානුවේ අපේ ශාසනය විනාශ කරන්න නොයෙක් උත්සාහ ගත්තත් බුද්ධ ශාසනය ආරක්ෂා වුණා. එ් ගරුතර මහා සංඝරත්නය නිසා. අද සමහරු මතයක් ඇතිකරගෙන යනවා බෞද්ධාගම විනාශ වෙනවා කියලා. අවුරුදු 400 ක් යුරෝපීය ජාතිකයන් පාලනය කළ අපේ රටේ බෞද්ධාගම රැකුණානම් දැන් බෞද්ධ ආණ්ඩුවක් බෞද්ධ රාජ්‍යයක් තියෙද්දි බුද්ධාගම විනාශ කරන්න පුළුවන්ද?

කුමන පක්ෂ බලයේ සිටියත් බෞද්ධාගම ආරක්ෂා කරන්න කටයුතු කරලා තිබෙනවා. පසුගිය ආණ්ඩු මෙන්ම අපේ ආණ්ඩුවත් ශාසනය ආරක්ෂා කරන්න නිරතුරුව කටයුතු කරනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස