මාවනැල්ලේ වනාතවිල්ලුවේ අන්තවාදීන් රැක්කේ අසාද් සාලි! පොලිස්පති පූජිතත් උදව් කළා! – හිටපු නියෝජ්‍ය පොලිස්පති

December 16, 2019 at 8:10 am | by emanisa.lk

මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධියට සහ වනාතවිල්ලුවේදී අධි බලැති පුපුරණ ද්‍රව්‍ය සඟවාගෙන සිටි සිද්ධියට අදාළ සැකකරුවන් ආරක්ෂා කිරීම සඳහා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි ක්‍රියා කළ බව කෑගල්ල ප්‍රදේශයේ බාර හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා අනාවරණය කරයි.

එම සැකකරුවන් නීතිය හමුවට භාර දෙන බවට ප්‍රකාශ කරමින් අසාත් සාලි මවුලවියකු සමග එකතු වී එම සැකකරුවන් රැකීමට ක්‍රියා කළ බව හිටපු නියෝජ්‍ය පොලිස්පති පුෂ්පකුමාර ප්‍රකාශ කරයි. මේ නිසා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට නිසි වේලාවට නොහැකි වූ බවද ඔහු පෙන්වා දෙයි.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරගේ සහාය ද මෙම සැකකරුවන් ආරක්ෂා කිරීමට ලැබුණු බව හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩි දුරටත් අනාවරණය කළේය.

හිරු Hard Talk වැඩසටහනට එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස