මාතලේ දී රනිල්ට හූ කිව්වේ අළුවිහාරේලා! හූව රෝහිණි පිට පටවන සැලසුමක්!

October 24, 2019 at 2:45 pm | by emanisa.lk

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහභාගි වූ එක්සත් ජාතික පෙරමුණේ ලග්ගල රැලියේදී ‘හූ’ කීමේ සිද්ධියට මාතලේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු සම්බන්ධ බවට තොරතුරු හෙළි වී තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත පක්ෂ මූලස්ථානය විසින් සිදුකළ පරීක්ෂණයකදී මෙම තොරතුරු හෙළි වී ඇතැයි වාර්තා වේ. මාතලේ එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයාගේ මෙහෙයවීම මත ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුගේ සහෝදරයකු ‘හූ’ කීම සිදුකර තිබේ.

පරීක්ෂණය මගින් සිද්ධිය මෙහෙය වූ ප්‍රබලයා හඳුනාගැනීමෙන් පසු ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස ද එම සිද්ධිය දැඩි දෝෂාරෝපණයට ලක් කර තිබේ. මෙම එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයා අමාත්‍ය සජිත් ප්‍රේමදාසට ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබාගැනීම සඳහා පසුගිය කාලයේ ප්‍රබල සටනක්ද ගෙන ගියේය.

ප්‍රබලයා අග්‍රාමාත්‍යවරයාට ‘හූ’ කීමේ වරද මාතලේ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් පිට පැටවීමේ සූදානමක් පැවැති බවද සිරිකොත පරීක්ෂණයේදී හෙළි වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස