මාතර මහ පන්සලේ ධම්මකිත්ති හාමුදුරුවෝ නොමරා මැරූ මංගල අට පිරිකරක් උස්සගෙන පන්සලට ආවම පන්න ගන්න කොන්දක් නැති හාමුදුරුවෝ ගැන අපි ලැජ්ජ වෙනවා! – පරදූව ජිනරතන හිමි

June 10, 2019 at 10:14 pm | by emanisa.lk

1994 චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුවේ ඇමතිවරයකු වූ මංගල සමරවීර සිය දේශපාලන බලය භාවිත කරමින් මාතොට සඟරාව යොදා ගෙන මාතර මහ පන්සලේ ධම්මකිත්ති නායක හාමුදුරුවන්ගේ චරිතය සම්පූර්ණයෙන් ඝාතනය කළ බවත් විවිධ පුද්ගලයන් ලවා නඩු 140 ගණනක් දමා උන් වහන්සේට මහ පාරේ බැස යා නොහැකි තැනට ඇද දැමූ බවත් රුහුණු රට භික්ෂූ පෙරමුණේ ප්‍රධාන සංවිධායක පරදූව ජිනරතන හිමි චෝදනා කරයි.

මේ ආකාරයට ධම්මකිත්ති නායක හිමියන්ගේ චරිතය ඝාතනය කළ මංගල සමරවීර අවුරුදු 30කට පසු අට පිරිකරක් උස්සගෙන මාතර මහ පන්සලට ගිය අවස්ථාවේ ඊට විරෝධය පළ නොකර පිරිත් නූල් බැඳ පිරිකර භාරගත් වර්තමාන නායක හාමුදුරුවන් පිළිබඳ තමන් ලැජජාවට පත්වන බව ද එහිමියන් පවසයි. තමා එතැන සිටියේ නම් මගේ නායක හාමුදුරුවන්ට කළ අපරාධය රටේ අනෙකුත් භික්ෂූන්ට නොකරන ලෙස ඇමති මංගලගේ මූණටම පවසන බව එහිමියන් අවධාරණය කරයි.

මංගල සමරවීර සිවුරක් දා ගත් බත් බැලයන් පිරිසක් සිය රැස්වීමකට ගෙන්වා පෙන්වා ඇත්තේ තමන්ට මුදලට වැඩ කරන හාමුදුරුවරු සිටින බව යැයි ද ජිනරතන හිමි පෙන්වා දෙයි. මෝඩ වහන්සේලා යනු සංඝ ආඥාව නොතකා මිලට මුදලට මැති ඇමතිවරුන් පසුපස යන පිරිස බව ද එහිමි පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස