මහ ඡන්දෙට කලින් එජාපය දෙදරයි! සජිත් පිල වෙනම තරඟයට සූදානම්!

December 22, 2019 at 10:16 am | by emanisa.lk

එ.ජා.ප. නායකත්වය සජිත් ප්‍රේමදාසට ලබා නොදෙන්නේ නම් සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් වෙනම සන්ධානයකින් මහ මැතිවරණයට තරග කිරීම ගැන එජාපයේ මන්ත්‍රීන් පිරිසක් සාකච්ඡාවක් ආරම්භ ඇත.

මෙම පිරිස එජාපයෙන් ඉවත් නොවී මෙලෙස තරඟ කිරීමට සූදානම් වන බව බව එ.ජා.ප. ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත හෙළිකර තිබේ.

මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන එ.ජා.ප. මන්ත්‍රීවරුන් 78 දෙනාගෙන් බහුතරයේ මෙන්ම සුළු ජාතික පක්ෂ ගණනාවක ද සහාය ලැබෙන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

පක්ෂයේ බහුතර මන්ත්‍රීන්ගේ සහ පාක්ෂිකයන්ගේ ඉල්ලීමට පක්ෂ නායකත්වය සාර්ථක ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා මෙම තීරණය ගැනීම හැර විකල්පයක් නැති බව සජිත් පාර්ශවයේ අදහස වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස