මම හිටියත් නැතත් එජාපයට උදව් කරන්න! – ජෝන් දෙලොවක් අතර….

November 23, 2019 at 9:36 am | by emanisa.lk

තමන් සිටියත් නොසිටියත් ඉදිරි මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන ලෙස හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග පැවැසීය.

අද ගම්පහදී පැවැති මාධ්‍ය හවුමකදී ඔහු මේ බව පැවැසීය.

“පසුගිය මැතිවරණයෙන් අපි ගම්පහ දිස්ත්‍රික්කය වැඩි ඡන්ද 4450කින් ජයග්‍රහණය කළ අතර මෙවර වැඩි ඡන්ද 10,000 කින්වත් ජයග්‍රහණය කරාවි කියල මම හිතුව. එයයි ඉලක්කය වුණේ.

ඉදිරියේදී පාර්ලිමේන්තු මැතිවරණයක් තිබෙනව. අපිට ආරංචි විදියට ලබන පෙබරවාරි අග පමණ පාර්ලිමේන්තුව විසුරුවා හැර අප්‍රේල් මාසයේ විසි ගණන්වල මැතිවරණය පවත්වනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස