හොටෙල්වල නයිට් ක්ලබ් දාන්න ඕන! ඊට පස්සේ ඉන්දියාවේ කොල්ලෝ ලංකාවට එනවා! සංචාරක කර්මාන්තය ගොඩදාන්නේ එහෙමයි!- ජෝන්

June 13, 2019 at 6:17 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ හොටෙල්වල රාත්‍රී සමාජශාලා ආරම්භ කළ යුතු බවත් ඒ හරහා තරුණ ඉන්දීය සංචාරකයන් ලංකාවට ආකර්ශනය කර ගත හැකි බවත් සංචාරක සංවර්ධන, වනජීවි හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග පවසයි.

ඊයේ (12දා) කොළඹ පැවැති සංචාරක මණ්ඩලයේ උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

“ඉන්දියාව අපිට වැදගත්. ඔවුන් ශ්‍රී ලංකාවට එනවා නම් අපිට වෙනත් කෙනෙක් මත යැපෙන්න ඕන නෑ. ඔවුන් ආකර්ශනය කර ගන්නේ කෙසේද කියා සිතා අපි වැඩකළ යුතුයි.

අපි චීනය හා වෙනත් රටවලටත් යනවා. සැකයක් නෑ අපේ කැසිනෝ ආකර්ශනීයයි. ඉන්දීය බලධාරීන්ගෙන් මට ලැබෙන පැමිණිල්ල තමයි කොළඹ හා පිටත විනෝදාස්වාදය සඳහා ප්‍රමාණවත් ස්ථාන නොමැති බව.

මම මේ ගැන හෝටල් සංගමයට කිව්වා. ඒ අය රාත්‍රී සමාජ ශාලා ආරම්භ කළ යුතුයි. මම දන්නේ නෑ ඒ අය මොකද එය කරන්නේ නැත්තේ කියලා. මේ තරුණ ඉන්දීය සංචාරකයන් ලංකාවට පැමිණීම ආකර්ශනය කර ගැනීමට එක් අවස්ථාවක්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස