මතට එරෙහි බක්මහ දිවුරුම නිදහස් චතුරස්‍රයේ! ඇමති මංගල නැතත් ඇමති ජෝන් මුල් පෙළටම පැමිණෙයි!

April 3, 2019 at 7:04 pm | by admin

මත්ද්‍රව්‍ය මර්දනයට සහාය වෙමින් මතින් නිදහස් රටක් බිහිකිරීම වෙනුවෙන් “බක්මහ දිවුරුම” ප්‍රතිඥාව ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍රයේ දී අද (03) පැවැත් විය.

විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීමේ මෙහෙයුම් පසුගිය කාලය මුළුල්ලේ පොලිසිය විසින් දියත් කරනු ලැබූ අතර එම වැටලීම්වලදී මත්ද්‍රව්‍ය තොග සමග නම් දැරූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැසක්ද නීතියේ රැහැනට හසුකර ගැනුණි.

එම ජාතික වැඩසටහන අද කොළඹ නිදහස් චතුරස්‍රෙය්දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතරඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්, පළාත් ආණ්ඩුකාරවරුන්, ප්‍රධාන අමාත්‍යවරුන් ඇතුළු නියෝජිතයින් රැසක් ඊට එක්ව සිටියේය.

කාමර දෙකක් තුනක් හදාගෙන සංචාරක කර්මාන්තයට දායක වන සඳහා බාර් ලයිසන් ලබා දෙන බව ප්‍රකාශ කළ අමාත්‍ය ජෝන් අමරතුංග ද ඒ අවස්ථාවට සහභාගී විය. කෙසේ වුවද අමාත්‍ය මංගල සමරවීර එහි දක්නට නොලැබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස