මම දේශපාලනයෙන් සමුගන්නේ නෑ! මහ ඡන්දෙට මාතරින් එනවා! – මංගල

December 6, 2019 at 5:28 pm | by emanisa.lk

තමා දේශපාලනයෙන් සමුගැනීමට තිරණයක් ගෙන නොමැති බවත් ඉදිරි මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මාතර දිස්ත්‍රීක්කයෙන් තරඟ කරන බවත් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර අවධාරණය කරයි.

ඔහු මෙසේ සඳහන් කළේ පසුගිය ඉරිදා රාත්‍රී වැලිගම මැරියට් හෝටලේ පැවති සුහඳ හමුවකට එක්වෙමිනි. මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් උපකාර කළ සිය හිතවතුන් පිරිසක් වෙනුවෙන් මංගල සමරවීර මන්ත්‍රීවරයා විසින් එම සුහඳ හමුව සංවිධානය කර තිබිණි.

මංගල සමරවීර දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර ඇතැයි ඇතැම් මාධ්‍යවල පලවී ඇති වාර්තා සම්බන්ධයෙන් පක්ෂ ක්‍රියාකාරීන් කළ විමසීමේදී ඔහු සඳහන් කර සිටියේ, තමන් කිසිඳු අවස්ථාවක එවැනි ප්‍රකාශයක් නොකළ බවයි.

ජනාධිපතිවරණ පරාජයෙන් හුදෙකලාවී සිටින පාක්ෂිකයින් අතහැර පලායාමට තමා කිසි විටෙකත් සුදානම් නොමැති බව ඔහු එහිදී ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස