මම දැන් ඇමරිකානු පුරවැසියෙක් නෙමෙයි! – ගෝඨාභය රාජපක්ෂ

April 30, 2019 at 9:01 am | by admin

ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ කටයුතු මේ වන විට 99%ක් අවසාන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

මේ වන විට ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමේ දිවුරුම ලබා දී ඇති බවත් ඇමරිකානු ගමන් බලපත්‍රය භාර දී ඇති බවත් පවසන හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ වන විට තමන් ඇමරිකානු පුරවැසියකු නොවන බව පවසයි. ඒ අනුව තම ද්විත්ව පුරවැසිභාවය අහෝසි වී මේ වන විට ශ්‍රී ලංකා පුරවැසියකු බවට පත්ව ඇතැයි හෙතෙම පෙන්වා දෙයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් දැක්වූයේ ඊයේ රාත්‍රී දෙරණ 360 වැඩසටහනට සහභාගී වෙමිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස