මට ඡන්දේ ඉල්ලන්නේ එජාපය නොමිලේම පක්ෂයක් දුන්නා! ගෝඨා ජනාධිපති වුණාම මම රට අතෑරලා යන්නෙත් නෑ! – මහේෂ් සේනානායක

October 29, 2019 at 3:33 pm | by emanisa.lk

එළඹෙන ජනාධිපතිවරණය සඳහා තමා තරඟ වදින්නේ එජාප බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ශ්‍රීනාත් පෙරේරාගේ දේශපාලන පක්ෂයෙන් බවත් ඒ සඳහා කිසිදු මුදලක් ඔවුන් අය නොකළ බවත් හිටපු හමුදාපති ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායක පවසයි.

මෙම ජනාධිපතිවරණයේ දී තමා මිලියන දෙකකට අධික ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නා බවත් කිසිදු අපේක්ෂකයකුට 50%ක් ලබාගත නොහැකි බවත් ඔහු අවධාරණය කරයි.

ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළ ද තමා රට හැර නොයන බව පවසන හිටපු හමුදාපතිවරයා දැන් සිටින්නේ 2010 සිටි ගෝඨාභය නොවන බවත් තම ඉලක්කය එළඹෙන මහා මැතිවරණය බවත් අවධාරණය කරයි.

SL VLOG සමග පැවැත් වූ සාකච්ඡාවක දී ඔහු මේ අදහස් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස