සජිත්ට 57%යි! ගෝඨාට 47%යි! මුළු ඡන්ද 104%යි! අනුරට මහේෂ්ට සහ ප්‍රතික්ෂේපිත ඡන්ද 0%යි! – උපාධිධාරී ගුරු ගුණරත්න වීරකෝන්ගේ අරුම පුදුම ගණන් හැදිල්ල මෙන්න…. (video)

October 27, 2019 at 5:10 pm | by emanisa.lk

සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ සිදුකළ හරවත් කතා ගැන තමන්ට විශාල පැහැදීමක් ඇති බව සඳහන් කළ වීරකෝන් ගෝඨාභය රාජපක්ෂ කොලයක් බලාගෙන බව් බව් ගාන මොළේකොළොප්පම්කාරයකු බව ද ශ්‍රීලනිප හිටපු ඇමති ගුණරත්න වීරකෝන් පවසයි.

1967 තමා විශ්වවිද්‍යාලයට යන විට මහින්ද රාජපක්ෂ විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ පුස්තකාල සහායක ලෙස සේවය කළ අයකු බවත් තමන්ට ඔහු ලබා දුන්නේ නැවත පදිංචි කිරීම නම් ඇමති කටුවක් පමණක් බවත් ඔහු සඳහන් කරයි.

සජිත් ප්‍රේමදාසගේ උපාධි සහතිකය සොයන මහින්ද රාජපක්ෂ තමන්ගේ සහතික ඊට පෙර ඉදිරිපත් කළ යුතු යැයි හෙතෙම සඳහන් කළේය.

තමා උපාධිධාරී ගුරුවරයෙකු බවත් අනුලෝම ප්‍රතිලෝම අනුව ගණන් හදා බැලූ විට එළඹෙන ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 57%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ජයග්‍රහණය කරන බව ද ඔහු අවධාරණය කළේය. එහිදී ගෝඨාභය රාජපක්ෂ ලබන්නේ 47%ක ප්‍රතිශතයක් බවත් සඳහන් කළේය.

තමා එජාපයට පැමිණියේ නැවත යාමට නොවන බව ද ඔහු අවධාරණය කළේය.

ඔහුගේ ගණනය කිරීම් අනුව මෙවර ජනාධිපතිවරණයේ දී 104%ක ඡන්ද වැටෙන අතර ඒ සියලු ඡන්ද ලැබෙන්නේ සජිත්ට සහ ගෝඨාභයට වීම විශේෂත්වයකි.

මෙවර මැතිවරණයේ දී අනුර දිසානායක හෝ මහේෂ් සේනානායක වැනි කිසිවකුට එම අපේක්ෂකයන් පවා ඡන්දය භාවිත නොකරන අතර කිසිදු ඡන්දයක් ප්‍රතික්ෂේප වන්නේ ද නැත.

ගුණරත්න වීරකෝන් 2015 යහපාලන ආණ්ඩුවට එකතු වූ අතර අනතුරුව පැවති මහා මැතිවරණයේ දී පරාජයට පත්විය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස