පාස්කු ප්‍රහාරය පිළිබඳ මෛත්‍රීගෙන් ප්‍රශ්න කරනු! – කාදිනල්තුමා

March 8, 2020 at 11:01 am | by emanisa.lk

පැවති රජයේ සිටින ඉහළම නායකයා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එය වේලාසන දැනගෙන කිසිත් නොකර සිටියේ යැයි දැනට තොරතුරු පළ වන බව අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල්තුමා සඳහන් කළේය.

එකල ඉහළම පුටුවේ සිටි පුද්ගලයා වූවද අදාළ ප‍්‍රහාරය දැනගෙන නිද්‍රාශීලීව සිටියේ නම් රහස් පොලිසියට ගෙනවිත් ප්‍රශ්න කළ යුතු බවද අගරදගුරුතුමන් පැවසූහ.

අගරදගුරුතුමන් මෙම අදහස් පළකරන ලද්දේ කොළඹ අගරදගුරු පදවියේ 73 ළමා දිනය උත්සවයෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ කරන ලද පොලිස් නිලධාරීන් මේ වන විට ස්ථාන මාරු කිරීම් සිදුකරන බවට තොරතුරු ඇති බවත් ඊට තමන් දැඩි විරෝධය පළ කරන බවත් අගරදගුරුතුමන්ාාාාාාාස්කුප්‍ර  එහිදී පැවසුවේය.

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ ප්‍රමාණවත් නොවන බවද ඔහු එහිදී තවදුරටත් එහිදී කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස