පාස්කු ප්‍රහාරය එල්ල වුණේ දෙවියන්ගේ කැමැත්තට! ඒකට අගමැතිතුමාට බැනලා වැඩක් නෑ! කාදිනල් කියන ඒවා ක්‍රිස්තියානි ලෝකයවත් පිළිගන්නේ නෑ! – විජේපාල හෙට්ටිආරච්චි (video)

September 7, 2019 at 1:33 pm | by emanisa.lk

බයිබලය අනුව සියල්ල සිදුවන්නේ දෙවියන්ගේ කැමැත්ත අනුව බවත් එහෙයින් පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වීම පිළිබඳ අගමැතිතුමාට හෝ ජනාධිපතිතුමාට දොස් තැබීම වැරදි බවත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි පවසයි.

ලෝකයේ බොහෝ රටවල මෙවැනි ප්‍රහාර එල්ල වන බව සඳහන් කළ මන්ත්‍රීවරයා ප්‍රහාරයට වගකිව යුතු පාලකයන් ගෙදර යා යුතු යැයි කාදිනල්තුමා ප්‍රකාශ කිරීම වැරදි බව ද සඳහන් කළේය.

කාදිනල්තුමා මනුෂ්‍යයකු බවත් ඔහු කිසියම් න්‍යාය පත්‍රයක් අනුව කටයුතු කරන බව පෙනෙන්නේ යැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය. කාදිනල්තුමා සිදුකරන ප්‍රකාශ ක්‍රිස්තියානි ලෝකය පවා පිළිනොගන්නා බවත් එතුමාගේ ප්‍රකාශ පිළිබඳ පරීක්ෂණයක් කිරීමට වතිකානු නියෝජිතයකු ලංකාවට පැමිණි බවත් ඔහු පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ හිරු බලය වැඩසටහනට එකතු වෙමිනි.

මෙහිදී විරුද්ධ පක්ෂ අපේක්ෂකයා සඳහන් කළේ 97 වතාවක් අනතුරු අඟවා තිබූ ප්‍රහාරයක් වළක්වාගත නොහැකි වූ පාලකයන් ගෙදර යා යුතු බවත් එම ප්‍රකාශය අල්ලා ගෙන ආගම්වලට අපහාස නොකළ යුතු බවත්ය. වැඩසටහන මෙහෙය වූ සුදේශ් හෙට්ටිආරච්චි ද මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයට විරෝධය පළ කළ අතර වතිකානු නියෝජිතයා මෙරටට පැමිණියේ ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට මිස  කාදිනල්තුමාගේ ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට නොවන බවත් සඳහන් කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස