පාස්කු ප්‍රහාරයත් එක්ක මුස්ලිම් විරෝධය ඇති කළේ ගෝඨා! දැන් මුස්ලිම් විරෝධය නැත්තේ ගෝඨා ජනාධිපතිවරණයට ආව නිසා! – මහේෂ් සේනානායකගේ යූඇන්පී බළලා මල්ලෙන් පනී….

October 23, 2019 at 8:58 am | by emanisa.lk

මුස්ලිම් විරෝධී රැල්ලක් මතුකළ කල්ලි කණ්ඩායම්වල නායකයා ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමත් සමග ශ්‍රී ලාංකීය මුස්ලිම් ජනයාට එරෙහිව කලක පටන් ක්‍රියාත්මක වූ වෛරී ප්‍රකාශන හා තර්ජන ගර්ජන වහාම අතුරුදන් වූ බව ‘ජාතික ජනතා ව්‍යාපාරයේ’ ජනාධිපති අපේක්ෂක ජෙනරාල් මහේෂ් සේනානායක පවසයි.

”පාස්කු ඉරිදා සිද්ධියෙන් පස්සේ අගෝස්තු මාසේ වෙනකන්ම සමාජ මාධ්‍ය බැලුවොත් දිනපතා පැයෙන් පැයට විනාඩි පහළොවෙන් පහළොවට මුස්ලිම් ජනතාව කෙරෙහි වෛරය ඇති කරන පෝස්ට් තමයි තිබුණේ. තම්බියාද හලාල්ද කියන හැම වචනයක්ම පාවිච්චි කරමින් වෛරය ඇති කරනවා. එකපාරටම ඒක අගෝස්තු මාසේ නැති වෙනවා.

දැන් ඔබතුමා කියන්න අද ඔබට මුස්ලිම් විරෝධී පෝස්ට් ආවද නැද්ද කියලා. දැන් එන්නේ නැහැ. ඇයි එන්නේ නැත්තේ. ඒක කරපු පුද්ගලයා ඡන්දය ඉල්ලන නිසා මේ පාර. මම නැවත වතාවක් කියනවා ඒක කරන පුද්ගලයෝ අගෝස්තු මාසයේ නාමයෝජනා ඉදිරිපත් කරලා මම තමයි ඡන්දය ඉල්ලන්නේ කියලා කීවා. ඔවුන් ඒක නැවැත්තුවේ මේ නොවැම්බර් 16 වෙනිදා ඉඳලා.

අද මම ඒක ප්‍රකාශ කරනවා ඒ මහත්මයා සහ එයාගේ වටපිටාවේ ඉන්න පිරිස තමයි මේක ඇති කරේ නැත්නම් අගොස්තු මාසේ ඕක නවතින්න බැහැ, තවමත් තියෙන්නට ඕනේ. ඒක තමයි මේ දේශපාලනයේ මඩ ජරාජීර්ණ වූ පවුල් කණ්ඩායම් සොරුන් එකතු වූ දේශපාලනය.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස