පාඨලී වෙනත් රියදුරෙක් ඉදිරිපත් කළ බව තහවුරුයි! වරද පිළිගත් විදුලිබල මණ්ඩලේ රියදුරා රජයේ සාක්ෂිකරු වෙයි!

December 19, 2019 at 8:13 am | by emanisa.lk

2016 වසරේ රාජගිරියේ දී රිය අනතුර සිදුවන අවස්ථාව වන විට රථය පදවා ඇත්තේ පාඨලී චම්පික රණවක බව නීති අංශ තහවුරු කර ගෙන තිබේ යැයි වාර්තා වෙයි.

මෙම අනතුරට මුහුණ පෑ සංදීප් ගුණවර්ධන සමග ඒ අවස්ථාවේ සිටි තරුණයන් දෙදෙනෙකු ඒ පිළිබඳ ඇසින් දුටු සාක්ෂි ලබා දීමට ඉදිරිපත් වි ඇත.

එසේම මෙම අනතුර සිදුකර පළාගිය පාඨලී චම්පක අනතුරුව පොලිසියට ඉදිරිපත් කර ඇත්තේ ඔහුගේ රියදුරා නොව එවක ඔහු ඇමති ධුරය දැරූ විදුලිබල මණ්ඩලයේ රියදුරෙක් බවත් සොයා ගෙන තිබේ.

අදාළ රියදුරා මේ වන විට සියල්ල පාපෝච්චාරණය කර ඇති අතර රජයේ සාක්ෂිකරුවෙක් බවට පත්ව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස