ප්‍රතිවාදී රකුසා දිනයි කියලා මට හරි බයයි! කොහොමත් පරදින අනුරට දීලා වැඩක් නෑ! මාව බේරගන්න කැමති අය සජිත්ට ඡන්දය දෙන්න! – ජවිපෙ මහා කලාකරු සුනිල් පෙරේරා

October 27, 2019 at 8:47 am | by emanisa.lk

ස්වාධීන ජනාධිපති අපේක්ෂකයකු පිළිබඳ තමා මුල සිට විශ්වාස කළ ද අනුර දිසානායක, රොහාන් පල්ලෙවත්ත, මහේෂ් සේනානායක වැනි කිසිවකුට ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ නොහැකි බව ජිප්සීස් නායක සුනිල් පෙරේරා පවසයි.

පසුගිය සමයේ ජවිපෙට සමීපව කටයුතු කළ සුනිල් පෙරේරා පවසන්නේ මේ අවස්ථාවේ ප්‍රතිවාදී රකුසා ජයග්‍රහණය කරනු ඇතැයි තමා බියට පත්ව ඇති බවත් එහෙයින් සජිත් ප්‍රේමදාසට ඡන්දය ලබා දෙන බවත්ය.

සජිත් ප්‍රේමදාසට රට සංවර්ධනය කළ හැකි ද ත්‍රස්තවාදය තුරන් කළ හැකි ද ඔහුගේ සිතේ ඇත්තේ මොනවාද කියා කිසිවක් තමා නොදන්නා බවත් ඒ කිිසිවකට වඩා වර්තමාන නිදහස වටිනා නිසා තමා සජිත් ප්‍රේමදාසට ඡන්දය ලබා දෙන බවත් සෙසු අය ද තමා බේරා ගැනීමට කැමති නම් සජිත්ට ඡන්දය ලබා දෙන ලෙසත් සුනිල් පෙරේරා ඉල්ලා සිටියි.

රැස්වීමක් අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස