පහුගිය ඡන්දෙදි පොහොට්ටුව 40%ක් ගන්න කොට විපක්ෂව 60%ක් ලැබුණා! ජනතාව මේ ආණ්ඩුවට කැමති කියලා ඒකෙන්ම පේනවා! – අකිල

September 4, 2019 at 9:37 pm | by emanisa.lk

විවිධාකාර ප්‍රශ්න රාශියකට මුහුණ දෙමින් වසර හතරක කෙටි කාලයක දී සංවර්ධනය උදෙසා මෙතරම් විශාල වැඩ කොටසක් ඉටු කරන ලද වෙනත් ආණ්ඩුවක් මේ රටේ මීට පෙර බිහි නොවූ බව ඇමති අකිල විරාජ් කාරියවසම් පවසයි.

පසුගිය රජය සමයේ ඉදිකරන ලද අධිවේගී මාර්ග ප්‍රමාණයට වඩා වැඩි සංඛ්‍යාවක් ඉකුත් අවුරුදු තුනහමාරේ දි ඉදි කළ බවත් රන් මාවත් වැඩසටහනෙන් ද රටේ පාරවල් තැනෙන බවත් පැවසූ අමාත්‍යවරයා ගම්පෙරළිය වැඩසටහනෙන් සෑම ආසනයකටම රු. ලක්ෂ 4,000/= ලබා දුන්නා.

පසුගිය ආණ්ඩුව නැවත බලයට පත් කර ගැනිමට ජනතාවට වුවමනාවක් නොමැති බව තමාට පෙනියන බවත් සඳහන් කළ අමාත්‍යවරයා ඉකුත් පළාත් පාලන ඡන්දයේ දී පොහොට්ටුවට 40%ක ඡන්ද ප්‍රතිශතයක් ලැබුණ ද ඔවුන්ට විපක්ෂව 60%ක ඡන්ද ප්‍රතිශතයක් ලැබුණු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඉදිරි ජනාධිපතිවරණයේ දි අප එකමුතුව විනය ආරක්ෂා කරගෙන ඉදිරියට යන්නේ නම් සටනක් ලබාදීම අපහසු නැතැයි සඳහන් කළ අමාත්‍යවරයා හැමදෙනාම එකඟ කරගනිමින් ඉදිරියට යාම සඳහා කටයුතු කරගෙන යන්නේ යැයි ද ප්‍රකාශ කළේය.

කුලියාපිටිය ප්‍රදේශයේ ප්‍රජා සංවිධාන නියෝජිතයන්ගේ සේවය අගය කිරීම සඳහා ඊයේ (03) පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මෙම කරුණු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස