පල්ලිය සහ මවුලවි ගැන මුස්ලිම්වරයෙක් හමුදාවට කියයි! අධිබලැති පුපුරුන ද්‍රව්‍ය සටන් ක්‍රම පොත් සහ ඩෙටනේටරයක් සමග මවුලවි අල්ලයි!

May 27, 2019 at 8:51 am | by admin

පල්ලියක සඟවා තිබූ අධිබලැති පුපුරන ද්‍රව්‍ය සැකකටයුතු පොතපත සමග අත්අඩංගුවට ගත් මඩාටුගම ප්‍රදේශයේ මවුලවියකු ලබන මස 03 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කැකිරාව දිසා විනිසුරුවරයා නියෝග කර තිබේ.

බෝම්බ නිෂ්පාදනයේදී යොදා ගන්නා අධිබලැති වෙඩි බෙහෙත් තොගයක් හා ඩෙටනේටරයක් ඇතුලූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් හා සැකකටයුතු පොත්පත් කිහිපයක් ද මඩාටුගම ප‍්‍රදේශයේ පිහිටි පල්ලියක සගවා තිබියදී ආරක්ෂක අංශ මගින් ඊයේ (25) සවස සොයා ගෙන තිබිණි.

ප‍්‍රදේශයේ පදිංචි ඉස්ලාම් බැතිමතකු විසින් ආරක්ෂක අංශ වෙත ලබා දී තිබූ තොරතුරක් අනුව යුද හමුදාව හා පොලිසිය එක්ව සිදුකළ විශේෂ සෝදිසියකදී එම පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබිණ.

සිදුකළ සෝදිසි මෙහෙයුමේදී අදාළ පල්ලියේ බිම් මහළේ පිහිටි ගබඩා කාමරයක බුමුතුරුණුවක් තුළ සගවා තිබියදී අධිබලැති වෙඩි බෙහෙත් තොගය සොයා ගෙන තිබූ අතර මාකර් පෑනක් තුළ ඉතා සූක්ෂම ලෙස සගවා තිබූ විදුලි ඩෙටනේටරයක් ද ආරක්ෂක අංශ විසින් සොයා ගෙන තිබේ.

අදාළ පල්ලිය පිහිටි දෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ මහල දේශන ශාලාවක් ලෙස භාවිත කරන ලද ස්ථානයක් බවට ආරක්ෂක අංශ මගින් තහවුරු කරගෙන තිබේ. වැඩිදුරටත් සිදුකළ සෝදිසි කිරීම්වලදී සටන්කලා හා ආගමික ඉගැන්වීම්වලට අදාළ සැකකටයුතු පොත්පත් කිහිපයක් ද එම පල්ලියේ තිබී ආරක්ෂක අංශ සොයා ගෙන ඇත.

බෝම්බ නිෂ්පාදයේදී යොදා ගැනෙන අධිබලැති වෙඩි බෙහෙත් ඇතුලු පුපුරණ ද්‍රව්‍ය හමුවූ එම පල්ලිය පිහිටි භූමියේම මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක් ද පවත්වාගෙන යනු ලබයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස