ගෙදර කඩු තියාගන්න මේක අරාබිය නෙමෙයි! – ඇමති හර්ෂ ද සිල්වා

May 10, 2019 at 6:10 pm | by admin

අරාබි ගෙවල්වල මිස ලංකාවේ ගෙවල්වල කඩු තබා ගන්නා බවක් තමා නොදන්නේ යැයි අමාත්‍ය හර්ෂ ද සිල්වා පවසයි.

මේ වන විට රට පුරා නිවෙස්වලින් කඩු මතු වන බව පැවසූ ඇමතිවරයා අමීන් නම් පුද්ගලයකු ලංකාවේ නිවෙස්වල කඩු තිබීම සාමාන්‍ය දෙයක් බව ජනාධිපතිවරයා පැවසු බව ද සිහිපත් කරයි. අරාබි නිවෙස්වල මිස ලංකාවේ නිවෙස්වල කඩු තබා ගන්නා බවක් තමා නොදන්නා බව ද හෙතෙම පවසයි.

ලංකාවේ නීතිය අනුව භයානක කඩු තබා ගැනීම වරදක් බවත් එවැනි කටයුත්තකට පළමු වර වැරදිකරු වුවහොත් රු. 50ක් ද දෙවෙනි වර වැරදිකරු වුවහොත් රු. 100ක් දඩ ගසන බව පැවසූ ඇමතිවරයා මේ නීති යාවත්කාලීන කළ යුතු බව ද සඳහන් කළේය. පාස්කු ප්‍රහාරය පිළිබඳ විවාදයට එක්වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස