ආණ්ඩුව ත්‍රස්ත මර්දනය වෙනුවට ජනතාවගේ ඇස් වසන මාධ්‍ය වාරණයක! මෙහෙයුම්වලින් අල්ලන ආයුධ පෙන්වීමත් තහනම් කරයි! (video))

May 9, 2019 at 1:07 pm | by admin

දිවයින පුරා සිදුවන සෝදිසි මෙහෙයුම්වල දී අත්අඩංගුවට ගන්නා අවි ආයුධ රූපවාහිනි ඇතුළු මාධ්‍ය ඔස්සේ ප්‍රදර්ශනය නොකරන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මාධ්‍ය ආයතන වෙත දැනුම් දී තිබේ.

මේ දිනවල පුරා සිදු කරන සෝදිසි මෙහෙයුම්වල දී කඩු, පිහි, කැති, බෝම්බ, තුවක්කු, පුපුරන ද්‍රව්‍ය, හමුදා නිල ඇඳුම්, අධිතාක්ෂණික සන්නිවේදන උකරණ විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට පත් ගත් අතර තව දුරටත් අත්අඩංගුවට ගනිමින් තිබේ.

මෙම මෙහෙයුම්වලට මාධ්‍ය කණ්ඩායම් හවුල් නොකර ගන්නා ලෙස මෙයට පෙර ආණ්ඩුව දැනුම් දුන්නේය.

ජනතාව තොරතුරු දැනගැනීම වැළැක්වීම සඳහා මෙවැනි රෙගුලාසි පනවන බවත් මෙය මාධ්‍ය මර්දනයක් මෙන්ම ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය උල්ලංඝනය කිරීමක් බවත් පිරිසක් පවසති. කෙසේ වුවද තොරතුරු දැනගැනීමේ පනත සම්මත කළේ වත්මන් ආණ්ඩුව විසිනි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස