දෙමළ සන්ධාන කොන්දේසිවලට අපි යටත් වෙන්නේ නෑ! – මහින්ද

October 21, 2019 at 5:50 pm | by emanisa.lk

දෙමළ ජාතික සන්ධානයේ කිසිදු කොන්දේසියකට යටත් වීමට තමන් සූදානම් නැතැයි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් බෙලිඅත්ත නගර මධ්‍යයේ අද (21) පැවැති ජනරැළියකට එක්වෙමින්  විපක්ෂනායක, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නායක, මහින්ද රාජපක්ෂ මෙසේ පැවසීය.

සියල්ලටම වඩා ප‍්‍රමුඛතාව ලැබිය යුත්තේ රටට බව පැවසූ රාජපක්ෂ මහතා රට බෙදන්නට කිසිවකුටත් ඉඩතැබිය නොහැකි බවත් පැවසීය.

උතුරු පළාත සංවර්ධනය   වූයේ සිය පාලන කාලයේ බව සිහිපත් කළ රාජපක්ෂ මහතා වත්මන් ආණ්ඩුව දෙමළ ජනතාවගේ ඡන්ද ලබාගැනීම හැර උතුරේ  ජනතාව වෙනුවෙන් කිසිවක් කර නැති  බවත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස