දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීම ව්‍යවස්ථාපිත අයිතියක්! – වාසු

December 31, 2019 at 2:14 pm | by emanisa.lk

ශ්‍රී ලංකා ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමෙන් ජාතික ගීයට හෝ කිසිදු ජාතියකට හානියක් සිදු නොවන බව රාජ්‍ය ඇමති වාසුදේව නානායක්කාර පවසයි.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ ගොඩකළ ප්‍රදේශයේ දී මාධ්‍ය අමතමිනි.

දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමට ව්‍යවස්ථාවෙන්ම අයිතියක් දී ඇති බවත් ඔහු සඳහන් කරයි.

රාජ්‍ය උත්සවවලදී දෙමළ භාෂාවෙන්ද ජාතික ගීය ගායනා කිරීමට පසුගිය රජය විසින් ගත් තීරණය ඉතා වැදගත් එකක් බව ද ඔහු සඳහන් කළේය.

දෙමළ ජාතිකයන් දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කළද එය වළක්වන ලද්දේ කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් විසින් බවත් ඔහු පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස