යහපාලනයත් එක්කම ජාතික ගී දෙකක් ගැයූ යුගය නිමයි! මෙවර ජාතික දිනයේ ජාතික ගීය සිංහල බසින් පමණයි!

December 24, 2019 at 8:42 am | by emanisa.lk

හැත්තෑ දෙවැනි ජාතික නිදහස් දිනයේදී ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කිරීමට රජය තීරණය කර ඇත. එහෙත් පසුගිය ආණ්ඩු සමයේ ජාතික ගීය දෙමළ බසින් ද ගැයීම සිදුවිය.

මෙවර නිදහස් දින උත්සවය පෙබරවාරි 4 වැනිදා නිදහස් චතුරස‍්‍ර පරිශ‍්‍රයේදී පැවැත්වෙන අතර ඒ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ ප‍්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේදී ඊයේ (23) විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී.

ජාතික නිදහස් දින උත්සවය නිමිත්තෙන් පවත්වන පෙරහුරුවලදී මහජනතාවට අපහසුතා අවම වන පරිදි පුහුණුවීම් කටයුතු සිදුකරන ලෙස ඇමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි නිදහස් දිනයට සමගාමීව රටම ආවරණය වන සේ රුක් රෝපණ වැඩසටහනක් දියත් කිරීමටද අමාත්‍යාංශය කටයුතු කරන ලෙසට අමාත්‍යවරයා උපදෙස් දී ඇත.

ජාතික නිදහස් දින උත්සවයට පෙර නිදහස් මන්දිරයේ පිළිසකර කටයුතු කඩිනමින් සිදුකරන ලෙස එහි නිරීක්‍ෂණ චාරිකාවක නිරත වෙමින් ඇමැතිවරයා දන්වා තිබේ. මෙම අවස්ථාවට ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු හා අමාත්‍යාංශ නිලධාරීහු එක්ව සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස