දුප්පත් රෝගීන්ට වෙන්වූ ජනාධිපති අරමුදලින් VIP රෝගීන් 38 දෙනෙකුට මුදල්! මැති ඇමතිවරුන් 16 දෙනෙක් ලක්ෂ 70ක් අරන්!

December 24, 2019 at 8:29 am | by emanisa.lk

ආර්ථික දුෂ්කරතා සහිත සාමාන්‍ය ජනතාව සඳහා රෝගාබාධ සඳහා ප්‍රතිකාර කිරීම සඳහා ක්‍රියාත්මක වන ජනාධිපති අරමුදලින් පසුගිය වසරේ මැති ඇමතිවරුන් 16 දෙනෙකු ප්‍රතිකාර ලබා ගෙන ඇතැයි වාර්තා වෙයි.

මෙම මැති ඇමතිවරුන් ඇතුළු 38 දෙනෙකුට එක් එක් රෝග සඳහා සාමාන්‍ය ජනතාවට ලබා දෙන ආධාර සීමාව ද ඉක්මවා රු. එක්කෝටි අසූහත් ලක්ෂ තිස්දහස් නවසිය හතළිස් දෙකක් ඉකුත් වසරේදී ගෙවා තිබේ.

මෙහිදී මැති ඇමතිවරුන් 16 දෙනා වෙනුවෙන් රු. ලක්ෂ 70ක් වැය කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයාගේ විශේෂ අනුමැතිය යටතේය.

එම වසරේ දී වෛද්‍යාධාර ගෙවීම් සඳහා රුපියල් කෝටි එකසිය දාහතකට අධික මුදලක් අරමුදල වැය කර ඇති බව විගණකාධිපතිවරයාගේ වාර්තාව අනාවරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස