සිදුකළ ආගමික ජාතික සේවය බලද්දී ඇමති කිරිඇල්ල ජනාධිපතිකමටත් සුදුසුයි! – පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක හිමි

June 10, 2019 at 10:53 am | by emanisa.lk

ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා සිදුකර ඇති සමාජ ආගමික සේවය ගත්කළ ජනාධිපති ධූරයටද සුදුසුයි හන්තාන සඳගිරි මහසෑ විහාරාධිපති පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක හිමි පවසයි.

උන්වහන්සේ මේ බව කියා සිටියේ අමාත්‍ය අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ මූලිකත්වයෙන් පැවති පුස්සැල්ලාව ඉබ්බන්වැව ශ්‍රී සුදර්මාරාම විහාරයේ ධර්මශාලා ගොඩනැගිල්ල සඟසතු කොට පූජා කිරීම හා දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ උත්සවයේදි අනුශාසනාවක් සිදුකරමිනි.

ධර්මශාලා ගොඩනැගිල්ල සඳහා අමාත්‍යවරයාගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් හා දායක සභාවේ අරමුදල් ද ඇතුළු රුපියල් මිලියන 6.5ක් වැය වී ඇති අතර අද දින මුල්ගල තැබූ සංඝාවාස ගොඩනැගිල්ල ඉදිකිරිම සදහා කන්දඋඩරට උරුමය අමාත්‍යාංශයේ හා ප්‍රදේශයේ දායකයින්ගේ ප්‍රතිපාදන ද ඇතුළුව රුපියල් මිලියන 13ක් වැයකිරිමට නියමිතයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස