සජිත්ගෙයි මහේෂ්ගෙයි බඩු එකම ලොරියේ!

October 27, 2019 at 10:19 am | by emanisa.lk

ජනාධිපති අපේක්ෂකයන් වන සජිත් ප්‍රේමදාසගේ සහ මහේෂ් සේනානායකගේ මැතිවරණ ප්‍රචාරක පත්‍රිකා තොගයක් එකම රථයක ප්‍රවාහනය කරන ආකාරය දැක්වෙන පින්තූරයක් සමාජජාලාවල හුවමාරු වෙයි.

මහේෂ් සේනානායක ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ඇත්තේ එජාප බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ශ්‍රීනාත් පෙරේරාගේ පක්ෂයෙන් වන අතර ඔහුගේ ඇප මුදල් තැන්පත් කළේ ද ශ්‍රීනාත් පෙරේරාය.

මහේෂ් පෙරේරාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා අරමුදල් ලබා දෙන්නේ ඇමරිකානු ආධාර ලබන සර්වෝදය දෙශෝදය යන NGO මගිනි. එසේම පවුල් පාලනය වැනි ගෝඨා විරෝධි සටන් පාඨ මහේෂ් නිතර භාවිත කරනු දැකිය හැකිය.

එජාප සහ බටහිර තානාපති කාර්යාල විසින් මහේෂ් සේනානායක ජනාධිපතිවරණයට ගෙන ආවේ ගෝඨාභය රාජපක්ෂගේ සිංහල ඡන්ද කැඩීමට බවට දිගින් දිගටම චෝදනා එල්ල වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස