දඩයක්කාරයාගේ ජාතික ආරක්ෂක භූමිකාව 2015දී මාළු ඇම කන තුර බලා සිටින ධීවරයගේ තැනට ඇද දැම්මා! – මහචාර්ය රොහාන් ගුණරත්න (video)

June 10, 2019 at 8:39 am | by emanisa.lk

2015ට පෙර මෙරට ජාතික ආරක්ෂාව මෙහෙය වූ පිරිස දඩයක්කාරයන් මෙන් අවධානයෙන් ක්‍රියා කළ ද අද සිටින බලධාරීන් බිලි පිත්තට මසුන් ඇමිණෙන තුරු බලා සිටින ධීවරයින් මෙන් ක්‍රියා කරන බව අන්තර්ජාතික ත්‍රස්තවාදය පිළිබඳ විශේෂඥ මහචාර්ය රොහාන් ගුණරත්න පවසයි.

ඔහු මෙම අදහස් දැක්වීම සිදු කළේ ඊයේ (09) මහනුවර පැවති සම්මන්ත්‍රණයකට සහභාගී වෙමිණි.

2015 වසරේ දී හමුදාව බංකර්වලට සීමා කරමින් ආරක්ෂක ව්‍යුහය පහත දැමූ බවත් ඊට හේතුව ආරක්ෂක අංශ ජාතිය ගොඩනැඟීම මෙහෙය වීම නොකළ යුතු බවට වන බටහිර සංකල්ප අනුගමනය කිරීම බවත් මහාචාර්යවරයා පෙන්වා දෙයි.

2015ට පෙර සහරාන් පිළිබඳ ඇතැම් තොරතුරු ලැබුණු බවත් ඒ සම්බන්ධ ප්‍රතිචාරවල අද තත්ත්වයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් බවත් ඔහු සඳහන් කරයි.

මෙම සිදුවීමේ දී නායකයන් හුදු ලිපි හුවමාරුවක් සිදු කළ ද 2015 පෙර ජාතික ආරක්ෂාව මෙහෙය වූ පිරිස් දඩයම්කරුවන් මෙන් සතුරා හඹා ගිය බවත් ඔහු හෙළි කරයි.

කෙසේ වුවද අවසනාවන්ත ලෙස මේ වන විට ආරක්ෂක බලධාරීන් වතුරට ඇමක් දාගෙන මසුන් ගිලින තුරු බලා සිටින ධීවරයන් මෙන් හැසිරෙන බවට මහාචාර්යවරයා චෝදනා කරයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස