මාස හතරකින් පොලිස්පතිවරයා ජාතික ආරක්ෂක කවුන්සිලයට කැඳවා නෑ! ජාතික ආරක්ෂාව වැනසුනු හැටි හෙළිදරව් වෙයි!

April 23, 2019 at 10:45 pm | by admin

පසුගිය සමයේ රට පුරා දරුණු අපරාධ රැල්ලක් සහ කුඩු ජාවාරම ව්‍යාප්ත වුව ද පොලිස්පතිවරයා මාස 4ක් තිස්සේ ජාතික ආරක්ෂක කවුන්සිලයට කැඳවා නොමැති බව බව හෙළි වී තිබේ. ඔහු මාස 04කට පසු ප්‍රථම වරට මෙම ආරක්ෂක කවුන්සිලයට කැඳවා ඇත්තේ ඊයේ (22)දිනය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිළුම් අමුණුගම පවසන්නේ මාස ගණනක් තිස්සේ කැඳවා ඇත්තේ අංගවිකල ආරක්ෂක කවුන්සිලයක් බවත් පොලිස් පතිවරයා නොමැතිව රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ තීන්දු තීරණ ගත නොහැකි බවත්ය. එසේම මේ අපරාධයට පොලිස්පතිවරයා නොව සමස්ත ආරක්ෂක කවුන්සිලයම වගකිව යුතු බව ඔහු අවධාරණය කරයි.

පසුගිය 9 වැනිදා ජාතික බුද්ධි අංශ ප්‍රධානි ඒ.එන්. සිසිර මෙන්ඩිස් මහතා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත අතිශය රහසිගත ලිපි කට්ටලයක් යොමු කර තිබුණි. එහි ප්‍රහාර එල්ල වන ආකාරය, ප්‍රහාරකයන්ගේ නම් ඇතුළු සියලු විස්තර දක්වා තිබූ අතර පොලිස්පතිවරයා එදිනම තමා යටතේ සිටින පොලිස් ප්‍රධානීන් වෙත යොමු කර තිබේ.

එහෙත් ජාතික ආරක්ෂක කවුන්සිලය වෙත පොලිස්පතිවරයා නොකැඳවන පසුබිමක ඔහු එම තොරතුරු පිළිබඳ තීන්දු තීරණ ගන්නේ කෙසේද යන්න ගැටලුවකි. එහෙයින් මෙම අපරාධයේ වරද පොලිස්පතිවරයා මත පටවා කිසිවකුට නිදහස් වීමේ හැකියාවක් නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස