තැපැල් ඡන්ද හැට දහසක් ප්‍රතික්ෂේපයි!

October 17, 2019 at 9:10 am | by emanisa.lk

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් කැඳවීමේදී අයදුම්පත් පනස් අටදහස් හයසිය එකක් (58601) ප්‍රතික්‍ෂේප වී තිබේ.

තැපැල් ඡන්දය ලබාදීම සඳහා රාජ්‍ය සේවකයන් හත්ලක්‍ෂ දාහත්දහස් නවසියදහ අටක් (717918) ඉල්ලුම් කර තිබූ බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

එම ප්‍රමාණයෙන් හයලක්‍ෂ පනස්නවදහස් තුන්සියදාහතක් (659317) පිළිගත් බවත්, අයදුම්පත් ප්‍රමාද වී ලැබීම හා නිවැරදි ලෙස අයදුම්පත් සම්පූර්ණ නොකිරීම වැනි හේතූන් නිසා අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් ප්‍රතික්‍ෂේප වූ බවත් එම කොමිසම පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස