බහුතරයේ මතය ක්‍රියාත්මක කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ මළගමයි! – මැකො

March 22, 2019 at 1:06 pm | by admin

බහුතරයේ මතය සැම විටම ක්‍රියාත්මක කිරීමට ගියහොත් එය ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානය බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

වැඩි ඡන්දයෙන් ජයග්‍රහණය කළ විට බහුතරයකගේ මතය ක්‍රියාත්මක කළ යුතු බව බොහෝ පිරිසක් සිතා සිටිය ද සුළුතරයට අගතියක් නොවන සේ බහුතරයේ මතය ක්‍රියාත්මක කළ යුතු බව ඔහු ප්‍රකාශ කර සිටියි.

කුල භේදය, ආගම් භේදය, ජාති භේදය ආදිය පාලකයන් විසින් ජනතාව බෙදා වෙන්කොට පහසුවෙන් පාලනය කිරීම සඳහා ජනතාවගේ සිත් තුළට ඇතුළත් කර ඇති විෂබීජ බවය.

ඊයේ (21) පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මේ බව අදහස් දැක්වීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස