දේශපාලන බලපෑම්වලට යටත් නොවී ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළාට මැකොට තුති! – පොදුජන පෙරමුණ

September 20, 2019 at 12:41 pm | by emanisa.lk

ජනාධිපතිවරණය කල් දැමීම සඳහා විවිධ බලපෑම් සිදුකරන පසුබිමක ශ්‍රේෂ්ඨාධිකරණ මත විමසීම සිදු කරද්දී පවා එම බලපෑමට යටත් නොවී ජනපතිවරණය ප්‍රකාශයට පත්කිරීම පිළිබඳව මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයාට ස්තූතිය ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.

ඊයේ (19) පෙරවරුවේ කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ සඳහන් කළේ බලපෑම්වලට යටත් නොවී ඔහු ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කළ බවය.

“මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට විශේෂ ස්තූතියක් මේ අවස්ථාවේදී පුද කළ යුතුයි. එතුමාට විවිධ බලපෑම් පැමිණියත් ශ්‍රේෂ්ඨාධිකරණ මත විමසීම සිදු කරද්දී වුණත් ජනාධිපතිවරණය කල් දැමීම සඳහා එම බලපෑමට යටත් නොවී රටට ආදරය කරන නායකයකු පත්කර ගැනීම සඳහා ජනතාවට අවස්ථාව සැලසීම පිළිබඳ ව.

ස්වාධීනයි කියන මැතිවරණ කොමිසම් අභ්‍යන්තරයේත් සිරිකොත නියෝජිතයින් ඉන්න අවස්ථාවක ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් මහින්ද දේශප‍්‍රිය ගත්ත මෙම තීරණය පිළිබදව අපි ගෞරවයෙන් සලකනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස