මුල්ගල් තිබ්බාට විවෘත කළාට කමක් නෑ! දේශපාලකයන් ප්‍රවර්ධනය තහනම්! එහෙම වුණොත් මැතිවරණ නීතිය කැඩෙනවා! – මැකො

September 20, 2019 at 6:48 pm | by emanisa.lk

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම පවත්වා අවසාන වන තෙක් රාජ්‍ය දේපළ හා රාජ්‍ය උත්සව භාවිත කර දේශපාලනඥයින් ප්‍රවර්ධනය කිරීමේ කටයුතු තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

රජයේ පළාත් සභාවේ හා පළාත් පාලන ආයතනවල මහජන මුදල් වැයකරමින් සිදුකරන මුල්ගල් තැබීම්, විවෘත කිරීම්, ජනතා අයිතියට පැවරීම් යනාදී උත්සව අවස්ථාවලදී දේශපාලනඥයින් ප්‍රවර්ධනය හෝ අගතියට පත්කිරීම හෝ සිදුනොකළ යුතු බවද මැතිවරණ කොමිෂන් සභාව කියයි.

රාජ්‍ය උත්සවවලදී සිදුකරන එවැනි ප්‍රවර්ධන කටයුතු හෝ අගතියට පත්කිරීමේ කටයුතු හෝ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කරන ලෙසද එම කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස