ත්‍රස්ත ප්‍රහාරයක් ගැන 97 වරක් දැනුම් දුන්නා! පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම පිළිබඳ කැබිනට් මණ්ඩලයම වගකිව යුතුයි! – ශ්‍රී ලංකා නීතීඥ සංගමය

September 3, 2019 at 11:05 pm | by emanisa.lk

සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්ත කල්ලියෙන් ප්‍රහාරයක් එල්ල වන බවට කළ අනතුරු ඇඟවීම් නිවේදන 97ක් ජාතික රහස් ඔත්තු සේවය විසින් තෙවසරක කාලය තුළ ආරක්ෂක ලේකම්වරයාට හා පොලිස්පතිවරයා වෙත යැවූ බව ජනාධිපති නීතීඥ සංජය ජයවර්ධන අද (3) ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ කියා සිටියේය.

මෙම නිවේදන ඉකුත් 2017, 2018, 2019 යන වසරවලදී රහස් ඔත්තු සේවයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිලන්ත ජයවර්ධන ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශ සහ අනෙකුත් ලියකියවිලිවලින් තහවුරු වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

පාස්කු ඉරුදින එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් මූලික අයිතීන් උල්ලංඝණය කළැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද යළි සලකා බැලීම ආරම්භ කළ අතර එහිදී ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙනුවෙන් ජනාධිපති නීතිඥවරයා මේ බව පැවසීය.

එසේම මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ කැබිනට් මණ්ඩලය රටේ ජනතාවට සාමූහිකව වග කියන බවත්, ඒ අනුව මෙම ප්‍රහාරය වැළැක්වීමට සමස්ත කැබිනට් මණ්ඩලය කටයුතු කළ යුතුව තිබූ බවත්, ඒ අනුව ආරක්ෂක ඇමැතිවරයාට පමණක් වගකිම බැර නොකළ යුතු බවද හෙතෙම වැඩිදුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස