මාසිකව ජල ඒකක 15කට වඩා පරිභෝජනය කරන ජල පාරිභෝගිකයන්ගේ ජල ගාස්තුව ඉහළ නැංවීමේ හැකියාව පිළිබඳ සොයා බලන බව ඇමති වාසුදේව නානායක්කාර පවසයි.
සෑම වසර 3කට වරක් ජල ගාස්තු ඉහළ නැංවිය යුතු වුවද වසර 6කින් පමණ ගාස්තු ඉහළ දමා නොමැති බව ද හෙතෙම පැවසීය.
එසේම වැඩි ජල ප්‍රමාණයක් පරිභෝජනය කරන අයගෙන් ද මුල් ඒකක 15 සඳහා ඒකක 15කට වඩා අඩුවෙන් ජල පරිභෝජනය කරන අයගේ ගාස්තුව අය කිරීම යුක්ති සහගත නොවන බව ද ඇමතිවරයා පැවසීය.
අඩු ජල පරිභෝජනයක් සිදුකරන අයගෙන් අඩු ගාස්තුවක් ද වැඩි ජල පරිභෝජනයක් කරන අයගෙන් වැඩි ජල ගාස්තුවක් ද අය කළ යුතු යැයි ඇමතිවරයා පැවසූ අතර එය කර්මාන්තශාලාවලට අදාළ නොවන බව ද සඳහන් කළේය.