ෆේස්බුක්හි විසල් බැසිල් වැනුම ගැන වාසු කී කතාව! (Video)

February 11, 2019 at 5:32 pm | by admin

ඒකාබද්ධ විපක්ෂය මෑත කාලයේ ගත් තීන්දු තීරණ සහ ඒවා පිටුපස සිටින දේශපාලන නායකයන් විවේචනය කරමින් බැසිල් රාජපක්ෂගේ අසහාය නිවැරදි නායකත්වය මහත් අභීරුචියෙන් වර්ණනා කරමින් සරසවි ඇදුරකු රචිත ලිපියක් පසුගිය දිනක ෆේස්බුක්හි පළ වී තිබිණි.

එම ලිපියෙහි පැවසෙන ආකාරයට බැසිල් රාජපක්ෂ හැම විටම නිවැරදිය. රාජපක්ෂ ආණ්ඩුවේ සියලුම ජයග්‍රහණ මෙහෙය වූයේ බැසිල් රාජපක්ෂය. විපක්ෂය වැඩ වරද්දා ගත්තේ එතුමා කී දෑ නො ඇසීමෙනි.

රචකයා පවසන පරිදි රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් නෙරපීම ද මහින්ද රාජපක්ෂ අගමැති කිරීම ද මෛත්‍රීපාල එම ආණ්ඩුව කැඩීම ද ආණ්ඩුවේ 16 දෙනෙකු නැවත විපක්ෂයට පැමිණීම ද ඒ අනුව විපක්ෂය ශක්තිමත් වීම ද වැරදිය.

එහි දී ඒකාබද්ධ විපක්ෂයට නැඟුණු චෝදනා සහ කරුණු කාරණා පිළිබඳ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කරා අද මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූයේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *