ජනාධිපති ලේකම් කාර්යාලය දින 365ම පැය 24ම ඇරලා තියනවා! පරණ හොරු දූෂිතයෝ පන්නලා අලුත් පිරිසක් ඉදිරියට ගේනවා!- සජිත්

October 14, 2019 at 7:19 am | by emanisa.lk

තම පාලනයක් යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය වසරේ දින 365 පුරා පැය 24ම විවෘත කර තබන බව ඇමති සජිත් ප්‍රේමදාස පවසයි.

වැල්ලවාය ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගී වෙමින් ඇමතිවරයා වැඩි දුරටත් මෙසේ පැවසීය.

“මේ රටේ හැම පවුලක්ම මම ගොඩනඟනවා, මට වෙන රාජකාරි නෑ. පවුලේ සාමාජිකයින් රැක බලා ගැනීම මගේ වගකීම නෙවෙයි.
මට රැකගන්න පවුල් පරපුරක් නෑ. මගේ ඥාති පරපුර මේ රටේ ජීවත් වන සියලුම ජනතාවයි.

රටේ හැම ප්‍රශ්නයක් ගැනම ජනාධිපතිවරයා දැනුවත් වෙලා 24 පැයම 365 දවසම නොනිදන ජනාධිපති ලේකම් කාර්යාලයක් නිර්මාණය කරලා, ෂිෆ්ට් ක්‍රමයට දිවා කාලයේ වැඩ කරන්න, රාත්‍රි කාලයේ වැඩ කරන්න වැඩපිළිවෙලක් සකස් කරලා ශක්තිමත් ජනතා සේවාවක් ඉටු කරන්න මම දිවි හිමියෙන් කැපවෙනවා.

සමහරු හිතනවා ඇති 19 වන සංශෝධනයෙන් පස්සේ ජනාධිපති කියන්නේ නිකන්ම නිකන් පඹයෙක් කියලා. පඹ ගාල පැටලෙන්න සජිත් ප්‍රේමදාස ලෑස්ති නෑ. ජයග්‍රහණයෙන් පස්සේ අපි යන්නේ අලුත් ගමනක්. ගාට ගාට යන ගමන නෙවේ.

හැමෝම ලෑස්ති වෙන්න ඕනෙ මගේ වේගෙට වැඩ කරන්න.හැමෝම ලෑස්ති වෙන්න ඕනෙ කැප කරන්න. අපි අළුත් කණ්ඩායමක් නිර්මාණය කරලා දක්ෂයොන්ට තැන දෙනවා. දූෂිත නොවන දේශපාලකයන් අපි ඉදිරියට ගෙන එනවා. දූෂිතයොන්ට තැනක් නෑ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස