ජනපතිගේ ඉදිරියේදී කරන රාජාසන කතාවට මම පක්ෂයි! විරුද්ධ වෙන්නේ බහුතර ජනමතයට ගරු නොකර මෝඩයෝ! – සජිත් පිල රනිල් පිල ගොන්නු බව නොකියා කියය…..

December 28, 2019 at 3:36 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුව අමතා සිදුකරන රාජාසන කතාව එජාපයේ පිරිසක් විසින් පරාජය කිරීමට උත්සාහ ගන්නා නමුත් තමන් ජනාධිපතිවරයාට පක්ෂව ඡන්දය ලබාදෙන බව එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.

බහුතර ජනතා ඡන්දයකින් පත්වූ ජනාධිපතිවරයාගේ රාජාසන කතාව පරාජය කිරීමට කතා කිරීම එජාපයේ අනුවණයන් පිරිසකගේ වැඩක් බවද හෙතෙම සඳහන් කළේය.

ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව සිදුකරන යහපත් දේ සඳහා සහාය දැක්වීමත් එසේම ඔවුන් ඡන්ද සමයේදී ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකරන තැනට බලකිරීමත් විපක්ෂයක් ලෙස සිදුකළ යුතු බවත් මන්ත්‍රීවරයා කීය.

පාර්ලිමේන්තුව කැඳවූ පසු බහුතරය පෙන්වා එජාප ආණ්ඩුවක් නිර්මාණය කරන බව පසුගියදා ප්‍රකාශ කළේ එජාප රනිල් පාර්ශවය නියෝජනය කරන විජේපාල හෙට්ට්ආරච්චි විසින.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස